Sunday, 30 December 2018

අයියනායක තුලින් සන්හිඳ දුටු විමලරත්න කුමාරගම ශූරීන්

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ 
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ණේ 
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ 
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් 

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

එතකොට මොකක්ද මේ විමලරත්න කුමාරගම ශූරීන් කියන සන්හිඳ ..?


සත්කෝරළයේ දැදුරුඔය දෑලෙ හැම ගමකම වාගේ තියනව 'සංහිඳ' කියල කියන පූජනීය තැනක්‌. මේ සංහිඳ තමයි ගැමියන්ගෙ හැම දුකකටම පිහිටවන දෙවියන්ගෙ වාස භවන

එතකොට සංහිඳ මංගල්ලේ ?

කාලේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණේ ගොවිතැන් බත් කරගෙන. කුඹුරු කොටල, හේන් කොටල, මේ හැම වැඩකටම මුල පුරන්නෙ ගමේ සංහිඳ ළඟට ගිහිල්ල ගම්බාර දෙවියන්ට කන්නලව් කරලයි.


ගමේ කුඹුරු පැහෙන්නෙ, හේන් පැහෙන්නෙ මේ ගම්බාර දෙවියන්ගෙ ඇල්ම බැල්ම නිසා කියල ඔවුන් තද විශ්වාසයකිනුයි කටයුතු කෙරුවේ. නිසා ගම්බාර දෙවියන්ට හරි පුදුම භක්තියක්මේ ගැමියන් තුළ තිබුණා.
කුඹුරු කරන කාලෙට ඔක්කොම එකට එකතුවෙලා සමගියෙන් කුඹුරට බහිනවා. තමන්ගෙ අනුන්ගේ කියල කිසිම වෙනසක්නෑ. හේන් කරන කොටත් එහෙමයි. ගමේ මහ කුඹුරු යාය පැහෙනකොට හැමෝටම ලොකු සතුටක්‌.


නමෝ විත්තියෙන්ම කුඹුරෙ ගොයම් ගහක බණ්ඩි ඉහිරිලා කරල් එළියට තැනක්දැක් ගොවි රාළට විශේෂ රාජකාරියක්තිබුණා. එයා එදා හැන්දැකොරේ හැම ගැමි ගෙදරකටම ගිහිල්ලා කියන කතාවක්තමා "ඔන්න ඉතින් තෙල් බැදුම් කෑම අද ඉඳන් නවත්තන්ඩ හොඳා" මේ තහනමට තවත් දේවල් තිබුණා. එදා ඉඳල කෙසෙල් කැන් බිම තියල ඉදවන්නෙ නෑ. හේවිසි, තම්මැට්ටම්, බෙර, දවුල්, සක්නාද කරන්නේ නෑ. කෑකෝ ගහමින් කෙළි පිටි දෙවනත් කරණ්ඩත් බෑ.


අපේ ගම් පළාතේ ගැමි ගෙවල පාරම්පරික සිරිතක්තමා කුඹුරේ බණ්ඩි ඉහිරුනා දැක්කා නම් එදා පටන් තෙල් තාච්චි, තෙල් බැදුම් ලිප මත නොතැබීම. මේ තහංචිය ගමේ තරාතිරමක්නොබලා හැමෝටම වලංගුයි.
පීදුන ගොයම් කරල් කිරි වැදිල පැහිල ගොයම් කොළ පුවක්අත්තෙ පැහැය වැටුනට පස්සෙ ගමේ මහ ගොවිරාළ කුඹුරට බහින්ඩ හොඳ දවසක්තීරණය කරල හැම ගොවිරාළටම පණිවුඩ අරිනවා.


ඊට මත්තෙන් කළ යුතු තවත් රාජකාරියක්තියෙනවා. තමා හැම ගොවියාම තමන්ගේ කුඹුරේ හොඳට පැහුන තැනකින් හොඳ කරල් අහුරක්ගස්සමගම කඩල මිටියක්බැඳගෙන ඉනට උඩින් තබාගෙන ගෙදර ගෙනැල්ල ගෙදර වහළේ ඉහළ තැනක එල්ලා තැබීම.


වී කරල් මිටියෙ දෙකෙන් පංගුවක්බුදුන් පුදන්න ගන්නවා. ඉතිරි ටික ගන්නෙ සංහිඳ මංගල්ලෙට.
ගොයම් කපල අස්පස්කරල වී ටික අටුවට නැත්තං බිස්සට ගත්තට මොකද ගමේ කවුරුවත් තෙල් බැදුම් කන්න ඉක්මන් වෙන්නෙ නෑ.


සුදුසු දවසක්බලල අගහස්දානය පිළියෙල කරල ගමේ පන්සලට රැගෙන ගොහින් බුදුන් පුදල භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වනවා. ඕං ඊට පස්සෙ තමා තමන්ට මේ බත කෑමට අවසරය තියෙන්නේ.
දැන් බක්මහ මංගල්ලෙ ළඟ ළඟම එනවා. වුණාට ඊට ඉස්සර වෙලා කළ යුතු තවත් වැදගත් රාජකාරියක්ගම්මුන්ට තියෙනවා. තමා සංහිඳ මංගල්ලෙ පැවැත්වීම. සංහිඳ මංගල්ලෙ කොරන්නෙ නැතුව බක්මහ මඟුල් කෑම තහංචියි.


අත්තල මුත්තල කාලෙ ඉඳල ගමේ ජීවත්වන පාරම්පරික දේව පූජාව තමා මේ සංහිඳ මංගල්ලෙ. දැන් ඒකට මුළු ගමම ලහි ලහියෙ ලක ලෑස්ති වෙනවා.


නායක ගැමියො කීප දෙනෙක්කතිකා කරගෙන දිනයක්නියම කර ගන්නවා. දිනය කෙම්මුර දිනයක්වෙන්නම ඕනෑ. නියමිත දිනයට කලින් දවසෙ සංහිඳ පිරිසිදු කරල සෝදා පවිත් කළ යුතු තැන් හෝදල සූදානම් කර ගන්නවා. පැත්තක ඕන කරන මඩු කූඩාරම් අටවා ගන්නවා.


මුළු රෑම එතන ගමම එකතුවෙලා. හැබැයි පිරිමි පක්ෂය විතරයි. කාන්තාවන්ට පැත්තටවත් ඒම තහංචියි. ගැටවරයො, තරුණයෝ හරි උනන්දුවකින් තම තමන්ට නියමිත වැඩ කොටස්නිම කරනවා.


අලුත් වී කොටල සහල් සකස්කර ගන්නවා. පිටි කොටා ගන්නවා. තෙල් තාච්චි ලිපේ තියල කැවුම් හදා ගන්නවා. කෙසෙල් කැන් බිම තියල ඉදවා ගන්නවා. නොයෙක්රස කැවිලි ජාති හැදෙනවා. මැදියමේ කුකුළා එක සැරයක්අඬලන විට හුඟාක්වැඩ ඉවරයි. වටින් ගොඩින් එළිය වැටීගෙන එනකොට මහා කිරිබත් හැලියක්උතුරනවා ඉදෙනවා.


මේ දේව තෝත්තරේ කරන්නෙ ගමේ වැඩිහිටි ගැමියෙක්‌. ඔහු උදැසනින්ම දිය නාල පිරිසිදු වෙනවා. පිරුවට ඇඳගෙන සංහිඳ ළඟට ළඟා වෙනවා. දැන් පූජාවට සියල්ලම ලෑස්තියි. මෙතෙක්වේලා තිබුණ කාන්තාවන්ට තහංචියත් දැන් නෑ. කාන්තාවෝ ළමයි ඇතුළු ගමේ සියලුම දෙනා සංහිඳ ළඟ රැස්කනවා. අවුරුද්දකට සැරයක්ගමේ ඔක්කොම එකතැනකට එකතුවෙන මොහොතක්තමා මේ උදාවෙන්නේ.


හිරු නැගෙන්න පළමුවයි සංහිඳ මංගල්ලෙ පටන් ගන්නෙ. පෙරදා රාත්රියේ සකස්කළ කැවිලි පෙවිලි ඔක්කොම සකස්කළ තැනක තැන්පත් කරල පහන් දල්වලා කපුරු කට්ටකුමංජල් සුවඳ කූරු දල්වලා මිණිගෙඩි තදින් සක්හඬින් යුතුව අර මහ ගැමියා දෙවියන්ට කන්නලව් පටන් ගන්නවා.


අවුරුද්ද පුරා තම ජීවිතයට බලපෑම් කළ දෙවියන්ට මේ පුද පඬුරු කැපවන ලෙස ඉල්ලා සිටිනවා. වාගේම මෙතෙක්කල් කළාක්මෙන් ගමේ සිටින මිනිසුන්, දරුවන් හා බිළිඳුන් රැකදෙන ලෙසත්, සතා සරුපයා ගහ කොළ ආරක්ෂා කර දෙන ලෙසත් දෙවියන්ගෙන් බැගෑපත්ව යෑද සිටිනවා. මේ යාදින්න හරිම කර්ණ රසායනයි.


ඔහුගේ කියුම් සියල්ල නිම වෙන්නෙ කිරි උතුරවලා ගත් කිරිදියර මුළු සංහිඳ ප්‍රදේශයේම ඉහළා, රැස් සිටි සැමගේත් සිරුරු පුරා කිරිබිඳු ඉහළ දාලා ඉවර වුණාට පස්සෙයි.


ඊට පස්සේ ඔක්කොම සංහිඳ වටා වාඩිවෙලා කිරිබත්, රස කැවිලි, කෙසෙල් ආදිය ආහාර සාමූහිකව භුක්ති විඳල ඉර මුදුන් කනිසමේ තම තමන්ගෙ ගෙවල් බලා පිය නඟනවා.


ඊළඟට මේ ගැමියෝ සූදානම් වෙන්නෙ ළඟ ළඟම එන බක්මහ මංගල්ලෙටයි.

...

මීට අවුරුදු ගානකට ඉස්සර සත්කෝරළය පැත්තෙ රාජකාරි කරපු මාන හිතවාදී විමලරත්න කුමාරගම කවියා 'අයියනායක' කවිපෙළ රචනා කරද්දී කියපු සංහිඳ ගැන මේ අපූරු සටහන කරන්නේ සඳලංකාවේ ජෝ. නවරත්න.



ක්‍රි.ව. 2018 ක් වූ දෙසැම්බර් මස තිස් වෙනි දින පූජිත විසින් උපුටා සටහන් කරන වගයි.

No comments:

Post a comment