Monday 30 December 2019

කතා තුනක්

1. බෑග් එක ඇරගන්න බැහැ!

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියකුට ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයකු කැඳවනු ලැබිණ. බෑගයක්‌ද අතැතිව පැමිණි වෛද්‍යවරයා රෝගියා සිටින කාමරයට ඇතුළුවී ඔහුගේ ඇඳ මත වාඩි වූයේය.

මොහොතකට පසු 

වෛද්‍යවරයා: "මට මිටියක්‌ ගෙනැවිත් දෙන්න

ගෙහිමියාගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ගැන ගෙහිමියා මවිතයට පත්වුවද, වෛද්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකි විය. ඔහු හනික මිටියත් වෛද්‍යවරයා අත තැබුවේය. තවත් මඳ වේලාවකට පසු 

වෛද්‍යවරයා: "මට අඬුවක්‌ දෙන්න" 

ගෙහිමියා එම ඉල්ලීමද ඉටු කළේය. ගතවූයේ තවත් විනාඩි දෙකකි. මෙවර වෛද්‍යවරයා ඉල්ලා සිටියේ ඉස්‌කුරුප්පු නියනකි.

ගෙහිමියා: "දොස්‌තර මහත්තයා ලෙඩාට මොකක්‌ද කරන්න යන්නෙ?" 

ගෙහිමියා එසේ පවසමින් කාමරය තුළට රිංගුවේය.

"මොකවත් කරන්න නෙවෙයි මට මගෙ මේ බෑග් එක ඇරගන්න බැරිවයි දඟලන්නෙ" 

වෛද්‍යවරයා කියාගෙන ගියේය.

...


2. පුදුම ගෙවීමක්‌!

රැකියා සම්මුඛ පරීක්‍ෂණයක්‌ සඳහා පැමිණි තරුණියකි.

තරුණිය: "මම කැමැතියි මෙහේ රැකියාවට නමුත් මගේ කළින් හාම්පුතා මට මීට වඩා ගෙව්වා."

ආයතන ප්‍රධානියා: "ඔවුන් ඔබට වඩා ඉහළ වැටුපක්‌ ගෙව්වාද?"

තරුණිය: "මේ වැටුප වාගෙ තුන්ගුණයක්‌ ගෙව්වා."

ආයතන ප්‍රධානියා: "ජීවිත රක්‍ෂණය?"

තරුණිය: "රුපියල් ලක්‍ෂ පහයි."

ආයතන ප්‍රධානියා: "එතකොට නිවාඩු?"

තරුණිය: "දෙගුණයක වැටුප සහිත මාස දෙකක නිවාඩුවක්‌."

ආයතන ප්‍රධානියා: "ඉතින් මොන එහෙකටද ඒ රැකියාව දාලා ආවේ."

තරුණිය: "මගෙ හාම්පුතා බංකොලොත් වුණා. ඒකයි එතැනින් ආවේ!"



...


3. නිශ්ශබ්ද පංතිය!
ගුරුතුමිය මොහොතකට පංති කාමරයෙන් පිටතට ගොස්‌ යළි ආපසු පැමිණියාය.

කිසිදිනෙක දක්‌නට නොලැබුණු තරමට පංතියේ නිහඬ බවක්‌ දක්‌නට ලැබිණි.

"මට පුදුමයි. අද ළමයි මේ තරම් නිශ්ශබ්දව සිටීම ගැන. ඒකට හේතුව මොකක්‌ද?" 

විස්‌මයට පත් ගුරුතුමිය ළමුන්ගෙන් ඇසුවාය.

"ඇයි ටීචර් එදා කිව්වෙ. මේ පංතිය නිශ්ශබ්ද වුණොත් එදාට ටීචර් මැරිල වැටෙයි කියල" 

කටකාර සිසුවෙකු උස්‌ හඬින් කියාගෙන ගියේය.


ක්‍රි.ව. 2019 ක් වූ දෙසැම්බර් මස තිස් වෙනි දින පූජිත විසින් උපුටා සටහන් කරන වගයි.