Friday, 11 September 2015

Life of an Indian Software Engineer [Citation from Facebook]

As the dream of most parents I had acquired a degree in Software Engineering and joined a company based in USA, the land of braves and opportunity. When I arrived in the USA, it was as if a dream had come true.

Here at last I was in the place where I want to be. I decided I would be staying in this country for about Five years in which time I would have earned enough money to settle down in India. 

My father was a government employee and after his retirement, the only asset he could acquire was a decent one bedroom flat. 

I wanted to do some thing more than him. 

I started feeling homesick and lonely as the time passed. I used to call home and speak to my parents every week using cheap international phone cards. 

Two years passed, two years of Burgers at McDonald's and pizzas and discos and 2 years watching the foreign exchange rate getting happy whenever the Rupee value went down. 

Finally I decided to get married. 

I told my parents that I have only 10 days of holidays and everything must be done within these 10 days. I got my ticket booked in the cheapest flight. Was jubilant and was actually enjoying hopping for gifts for all my friends back home. If I miss anyone then there will be talks. After reaching home I spent home one week going through all the photographs of girls and as the time was getting shorter I was forced to select one candidate. 

In-laws told me, to my surprise, that I would have to get married in 2-3 days, as I will not get anymore holidays. 

After the marriage, it was time to return to USA, after giving some money to my parents and telling the neighbors to look after them, we returned to USA. 

My wife enjoyed this country for about two months and then she started feeling lonely. The frequency of calling India increased to twice in a week sometimes 3 times a week. Our savings started diminishing.

After two more years we started to have kids. Two lovely kids, a boy and a girl, were gifted to us by the almighty. Every time I spoke to my parents, they asked me to come to India so that they can see their grand-children.

Every year I decide to go back to India… But part work and part monetary conditions prevented it. 

Years went by and visiting India was a distant dream. 

Then suddenly one day I got a message that my parents were seriously sick. I tried but I couldn't get any holidays and thus could not go to India ... 

The next message I got was my parents had passed away and as there was no one to do the last rights the society members had done whatever they could. 

I was depressed. 
My parents had passed away without seeing their grand children. 

After couple more years passed away, much to my children's dislike and my wife's joy we returned to India to settle down. 

I started to look for a suitable property, but to my dismay my savings were short and the property prices had gone up during all these years. 

I had to return to the USA... 

My wife refused to come back with me and my children refused to stay in India... 

My 2 children and I returned to USA after promising my wife I would be back for good after two years. 

Time passed by, my daughter decided to get married to an American and my son was happy living in USA... 

I decided that had enough and wound-up every thing and returned to India... I had just enough money to buy a decent 02 bedroom flat in a well-developed locality.

Now I am 60 years old and the only time I go out of the flat is for the routine visit to the nearby temple. 

My faithful wife has also left me and gone to the holy abode. 

Now perhaps after I die it will be the neighbors again who will be performing my last rights, God Bless them. 

Sometimes... 
I wondered was it worth all this? 
My father, even after staying in India, Had a house to his name and I too have the same nothing more. 
I lost my parents and children for just ONE EXTRA BEDROOM. 

Looking out from the window I see a lot of children dancing. 
This damned cable TV has spoiled our new generation and these children are losing their values and culture because of it. 
I get occasional cards from my children asking I am alright. 
Well at least they remember me. 

But the question still remains 'was all this worth it?
I am still searching for an answer.................!!! 

THINKING....    
IS IT JUST FOR ONE EXTRA BEDROOM I DID ALL THIS? 
LIFE IS BEYOND THIS…

DON'T JUST LEAVE YOUR LIFE……
START LIVING THE LIFE…….

LIVE IT AS YOU WANT IT TO BE

Thursday, 10 September 2015

ජීවිතයේ වැදගත්ම දෙය සතුටයි.. ධීවරයා සහ ව්‍යාපාරිකයා - උපුටා ගැනුමකි

දවසක්දා ධණවත් ව්‍යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්‍යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා. ධීවරයා ලගට ගිය ධණවත් ව්‍යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.
"හොද මාලු අස්වැන්නක්...ඔබට මේ මාලු ටික අල්ලන්න කොච්චර වෙලා ගියාද" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.
"පොඩි වෙලාවයි" අහිංසක හිනාවක් සමගින් ධීවරයා පිලිතුරු දුන්නා. 
"පැය දෙකක් විතර"
"ඉතින් ඇයි ඔබ තව වෙලා මසුන් මරන්නේ නැත්තේ ? පැය හයක් විතර මසුන් මැරුවොත් මේ වගේ තුන් ගුණයක් මාලු ඔබට ගේන්න පුලුවනිනේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.
"මගේ පවුලට අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මාලු ටික හොදටම ඇති මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.
"නමුත් ඔබ ඉතුරු වෙලාවේදී මොකද කරන්නේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.
"මම දවල් වෙනකන් නිදා ගන්නවා,මගේ දුවයි පුතයි එක්ක සෙල්ලම් කරනවා,මගේ හාමිනේට ගෙදර වැඩ කරගන්න උදව් කරනවා,හවස් වරුවේ ගම්මානේ පැත්තේ ගිහිල්ලා යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහලා සින්දුවක් කියලා රෑ කෑමට ගෙදර එනවා මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.
ධණවත් ව්‍යාපාරිකයා සමච්චලේට හිනා වෙලා මෙහෙම කිව්වා
"මට හාවඩ් විශ්ව විද්‍යාලේ ව්‍යාපාර කළමණාකරනය පිලිබද උපාධියක් තියනවා,මට පුලුවන් ඔබට දියුණු වෙන්න උදව් කරන්න.ඔබ හෙට ඉදලා මීට වඩා වැඩි වෙලාවක් මසුන් මරන්න පුරුදු වෙන්න,එතකොට මීට වඩා ලොකු මුදලක් හොයා ගන්න පුලුවන්,ඒ මුදල් ඉතුරු කරලා මීට වඩා ලොකු ඔරුවක් ගන්න,ඒ ලොකු ඔරුවෙන් ගොඩක් වෙලා මසුන් මරලා ඒ මුදලින් ඔබට ඔරු කීපයක් මිලදී ගන්න පුලුවන්,අවසානයේදී ඔබට ඔරු රාශියක හිමි කාරයා වෙන්න පුලුවන් වෙනවා. ඔබේ මාලු අස්වැන්න මාලු මුදලාලිට විකුණන්නේ නැතිව කෙලින්ම මිනිස්සුන්ට විකුණන්න පුරුදු වෙන්න,එතකොට ඔබට මීට වඩා වැඩි ලාභයක් ගන්න පුලුවන්,අවසානයේදී ඔබට පුලුවන් ඔබේම ටින් මාලු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න,ඔබට පුලුවන් නිවසේ ඉදලා ඔබේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු පාලනය කරන්න.ඔබට මේ කුඩා ධීවර ගම්මානය අත් හැරලා නගරයෙන් විශාල නිවසක් මිලදී ගන්න පුලුවනි,අවසානයේදී ඔබේ ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා මම වගේ ලොකු ධණවතෙක් වෙන්න පුලුවනි"
ගොඩක් අවධානයෙන් අහගෙන හිටපු ධීවරයා ධණවත් ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා 
"ඉතින් මහත්මයා ඔය ඔක්කොම කරන්න කොච්චර කාළයක් ගත වෙයිද?"
"අවුරුදු 15ක් 20ක් විතර" ධණවත් ව්‍යාපාරිකයා උත්තර දුන්නා.
"ඒත් ඊටත් පස්සේ මොකද කරන්නේ මහත්මයා?" ධීවරයා ආයෙත් ඇහුවා.
"ඊට පස්සේ තමා හොදම ටික තියෙන්නේ,නිවැරදි කාලය ආපු ගමන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න,ඒ කොටස් කොටස් වෙළදපොලේ විකිණීමෙන් ඔබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්" ධණවත් ව්‍යාපාරිකයා හිනා වෙලා කිව්වා.
"මහත්මයා ඊටත් පස්සේ මොකද කරන්නේ?" ධීවරයා ආයෙත් ඇහුවා.
"ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලින් ඈත් වෙන්න ඈත් වෙලා මේ ලස්සන කුඩා ධීවර ගම්මානය ලගින් ලස්සන කුඩා නිවසක් මිලදී ගන්න පුලුවනි,ඊට පස්සේ ඔබට පුලුවනි දවල් වෙනකන් නිදා ගන්න,ඔබේ දරු මුණුපුරන් සමග සෙල්ලම් කරන්න,ඔබේ බිරිදට ගෙදර වැඩ වලට සහාය වෙන්න, හවස් වෙලා ගම්මානේ පැත්තේ ගිහින් පරණ යාලුවන් එක්ක පොඩි අඩියක් ගහලා,සින් දුවක් කියලා විනෝද වෙලා රෑ කෑමට ගෙදර එන්න"ව්‍යාපාරිකයා හැගීම්බරව කිව්වා.
"ඉතින් මහත්තයෝ මම දැන් කරන්නෙත් ඔය ටිකමනේ" ධීවරයා පුදුමෙන් ඇහුවා.
ජීවිතයේ වැදගත්ම දෙය සතුටයි.. එය පොහොසතාට වඩා දුප්පතා විඳියි
[අයිතිය මා නොහඳුනනා මුල් රචකයා සතුය]
ක්‍රි.ව. 2015 ක් වූ සැප්තැම්බර් මස දහ වන දින පූජිත විසින් මුහුනු පොතෙන් උපුටාගෙන සටහන් කරන වගයි... 

Tuesday, 2 December 2014

සිතිවිල්ල (Memories of good old golden age)

ඇහෙනවා කසුකුසුව
එහා cubical එකෙන්
මෙහා cubical එකේ ඉන්නා මට

කියයි තම සගයාට Tech Lead
හරියට හදපන් ඔය defect එක
නැතතම් අරුන් තව
Showstopper defect එකක් දමාවි
යන්තමින් සිනාසෙමි මම ඔවුන් හට...

තැනක තව සද්දයක් PMගෙ
කෝ තවම නැද්ද  build එක
අද දෙන්න පුළුවන්ද...
කීයටද දෙන්න පුළුවන්
අරගොල්ලෝ ඉන්නවා
smoke test එක කරන්නට බලාගෙන

පිටිපසින් තදට යන argument  එකක්
මේ defect severity එක high නෙවෙයි
medium කරන්න කො
සියුමැලි ලලණා හඞකින් වුවද
ටිකක් බරපතල ප්‍රශ්ණයක් වගෙයි
මට නෙවෙයි එයාට

Software QA ජොබ් එකත් වූ කලී
එක්තරා විදියකට
අනුන්ගේ වැරදි සෙවීමකි
ජීවිත වල නොව
Code වල
හොඳකට ඇත්තේ
නැත ගල් මුල් ඇසිඩ් වෙඩි

මේ සියලු දේ මැද
බලමි මම හෝරාව
මැදියම් රැය පසුව
තව දිනක් උදාවී මෙහි සිටම
ගෙදර යන්නේ මම පසු දිනය...


මා අතින් වදන් ඇමිණු මෙය 2004 සිට 2006 දක්වා මා ගෙවූ මගේ රැකියාවේ ස්වර්ණමය යුගය 
ආවර්ජනය කරමින් මීට වසර පහකට පමණ පෙර ලිය වූවකි. එකල මා සේවය කල ආයතනයේ සඟරාවකට මෙය යැවුණු ලද්මුත් එම සඟරාවේ මෙය පලවූවාදැයි මම අදටත් නොදනිමි. 

ක්‍රි.ව. 2014 ක් වූ දෙසැම්බර් මස දෙවන දින පූජිත විසින් ආවර්ජනය කර සටහන් කරන වගයි...

Wednesday, 11 September 2013

අද මුල්ම වරට පාසල් දිවිය අරඹන මා සදාදර සුදු දෝනී වෙනුවෙනි


මගෙ  සුදු දෝනියෝ,

ඉස්කෝලේ ඇඩ්මිෂන් වලට වේටිං ලිස්ට් එකේ ඉඳලා ඔයාගේ තියෙන වාසනාවට කොහොම හරි අනිත් ළමයි ඉස්කෝලේ පටන්ගන්න දවසටම ඔයාටත් ඉස්කෝලේ යන්න පුලුවන්. ඒකට ඔයා පිං කරලා තියෙනවා.

එකොලොස්වෙනිදා ඉස්කෝලේ  යනවා කියලා දැනගත්ත වෙලේ ඉඳන් ඔයා හිටියේ හරිම ආසාවෙන් ඇඟිලි ගනන් කර කර. ඔයාගේ ඇඳුම් සේරම අම්මා ලෑස්ති කරන කොට ඔයා හරිම ආසාවෙන බලන් හිටියේ. තාම අවුරුදු හතරයි මාසයක් උනාට ඔයා හැම වෙලේම ඉස්කෝලේ යන්න හීන මැව්වා.

සීය එක්ක කියපු තරමක් දේවල් කිව්වේ "බබා ඉස්කෝලේ ගියාම ... කරනවා" කියලා.

අයියා තුනේ පන්තියේ - ජූනියර් ස්කූල් එකට ගිහින් දැන් බිග් බෝයි කෙනෙක් වෙලානේ. ඔයා තවම ඉන්ෆන්ට් ස්කූල් යන්න පටන් ගන්නවා විතරයි. අයියා නම් ටිකක් ඔයාව බයිට් එකට ගත්තා ඒ ජොලියට.. ඔයා පොඩ්ඩ ඇත්තම් ඇවිස්සෙනවනේ.. ඒත් අයියා ඔයාට හරිම ආදරෙයි. එයා බලාගෙන ඉන්නේ කවද ද ඔයාගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ යන්නේ කියලා.

ඔයා ගෙදරදී අයියා එක්ක රණ්ඩු කරලා කෑ ගහනවා වගේ නම් ඉස්කෝලෙදි කෑ ගහන්න එපා ඔන්න.. ඔයාගේ අළුත් යාලුවෝ හොඳටම බයවෙයි මේ චූටි බට්ටී කොහොමද මෙච්චර හයියෙන් හූ කියන්නේ කියලා.

ඔයා ඉක්මනටම ලොකු වෙලා මගෙ දෝනියෝ. මට නම් හිතාගන්නවත් බෑ.

තෙරුවන් සරණින්, ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ රැකවරණින්, සියලු දෙවි දේවතාවරුන්ගේ ආශීර්වාදයෙන් අද ඔයාගේ ජීවිතේ මේ පටන්ගන්න අලුත් පියවර හැම අයුරකින්ම සාර්ථක වේවා කියලා තාත්තිත්, අම්මිත්, අයියාත්, සීයාත් ප්‍රාර්ථනා කරනවා.


ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස එකොලොස්වෙනි දින පූජිත විසින් සටහන් කරන වගයි.

Tuesday, 10 September 2013

ගෙදරින් කෑම නැත - ඉතා සරල සිදුවීමක්

ඔන්න් අපි ඊයෙ රෑට කන ගමන්..

මම: අද කෑම එක නම් එකකට එකක් ගැලපෙන්නේ නෑ, පරිප්පුයි, බණ්ඩක්කයි, කරවලයි. 

චූටි දුවා: ඔයාට ඉතිං අඩුවක් කියන්නෙ නැතුව කාලා පුරුද්දක් ඇත්තෙම නෑනේ.

මම: ඔය කරවල හොඳ හොදි හදන්න.. තෙල් දාලා හරි යන්නේ නෑ.

චූටි දුවා: ඔයාට කන්න බැරි නම් කන්න තැනක් හොයා ගන්න.

මම: ඒකත් හොඳයි.. අපේ ඔෆිස් එක ඉස්සරහා තියෙනවා ටී.ඊ.එස්.සී.ඕ කියලා එකක්. මම ඒකෙන් කෑම ගන්නම්. පවුම් තුනයි.

චූටි දුවා: හා කාලම බලන්නකෝ..

අද,

වෙනදා මට කලින් නැගිටින චූටි දුවා මම නැගිටින විටත් තවම නිදිය.
උදේම අතට හම්බවෙන බෙඩ් ටී එක මටම හදාගෙන බොන්න විය.
උදේට සහ දවාලට දෙකටම මට ගෙදර කෑම නැත.
වෙනදා උදේට කෝච්චියේ යන්කොට දුක සැප බලන්න එන ටෙලිපෝන් කෝල් එකත් අද නැත.
ඔපීසියේ වැඩ කරන අතරතුර 'Hi dear' කියා එන ගූගල් හැඟවුට් මැසේජ් එකත් අද නැත.
රෑට කෑම තියේද කියා ෂුවර් නැත.

ඔන්න බලන්නකො මමත් දාගන්න තොප්පි.
කවුද හිතුවේ කේස් එක මේක මෙච්චර දුර යයි කියලා.

(ප.ලි. චුටි දුව කියන්නේ හාමිනේට, එයාගේ අම්මයි තාත්තයි නෑදෑ කට්ටියයි එයාට කතාකරන්නේ එහෙමයි)


ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස දහවන දින පූජිත විසින් සටහන් කරන වගයි.

Friday, 6 September 2013

පොතක් කියවා තව කෙනෙකුට කියවීමට දීම දඬුවම් ලැබිය හැකි වරදක්ද..? වෙනත් වචන වලින් කියනව නම්... කෙනක් කියවා ඉවර කොට අන් අයගේ භාවිතය සඳහා දුන් පොතක් තමා සන්තක්යේ තබාගෙන කියවීම දඬුවම් ලැබිය හැකි වරදක්ද?

හරියටම කියනවනම් මේ කියන සිදුවීම වෙලා දැනට අවුරුදු එකහමාරක් (2012 ජනවාරි)  විතර ඇති.

මට මේක ලියන්න හිතුනේ මෙහෙමයි...

ඔන්න මට අර හිටපු ගමන් හිතට එන අයිඩියාස් (අහා ideas) එකක් ඇවිත් මමත් ගත්තා ඇමසන් කෙන්ඩල් එකක්. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව පවුම් 89.00 ක් ම දීලා.
(ඇත්තටම මම ඒක ගත්තට අනිත් ඒවා වගේම මේකත් මගේ තවත් shared property එකක්)

ඕක ගත්තට කෝ ඉතින්  පොත්? මොකෝ සිංහල පොත් තියනවා කියල යැ. නිකන් ගන්න පුලුවන් ebooks දෙක තුනක් නම් හම්බ උනා.. හැබැයි ඒවා හරි බෝරින්. කොයිකටත් කියලා thepiratebay එකේ සේර්ච් කරනකොට මැක්සා බඩුවක් අහුවුනා 4000+ ebooks. හෙනම පොෂ් පොත්.
(ඔය කිව්වට මතක තියෙන කාලෙක මම කවදාවත් ඉංගිරිසි පොතක් නම් මුල ඉඳලා අගටම කියවලා නැහැ මේ පහුගිය සැප්තැම්බර් තුන්වෙනිදා වෙනකල්, පොෂ් කියලා දන්නේ ඉතින් ඇඩ්වටීස්මන්ට් වලින් දැකලා තමයි)

ඉතිං හොඳයි කියලා හිතුන ඒවා ටික download කරලා කෙන්ඩලේට දාලා උදේ හවස කෝච්චියේ ඔෆීසි යන එනකොට කියව කියවා යන්න තමයි මගෙ ප්ලෑන් එක.. ඔහොම දවසක් දෙකක් ආවා කියමුකො.

අපේ ඔෆීසියේ ඒ දවස්වල මට කොයිකටත් හිටිය, තාමත් ඉන්න එකම සගයා ගැවින් දවසක් කින්ඩ්ලෙ එක ඉල්ලපි බලන්න කියලා. මමත් ඉතිං පොරවගේ දුන්නා. මෑන්ට පුදුමයි මෙච්චර පොත් මොකට මම සල්ලි දීලා අරගෙන ද කියලා.

මම මොකටද බොරු කියන්නේ ඇත්තම කිව්වා. ගැවින් ලොක්කා (ලොක්කා කියන්නේ ගැවින් මගේ මැනේජර් වගේ ඉන්න එකා නිසා) කිව්වේ නැතැයි ඕක හෙන ඉලීගල් වැඩක්, අහු උනොත් වන්දි ගෙවන්නත් වෙනවයි, කතා කෝටියයි. (තව කාටවත් කියන්න එපා කියලත් කිව්වා මට මතක විදිහට)

මගේ සරලම තර්කය වුනේ මෙහෙමයි, අපි මේ පොත් ඩිජිඩල් කියන එක පොඩ්ඩකට අමතක කරලා හිතමු ඒවා ප්‍රින්ටඩ් ඒවා කියලා.
එතකොට..

1. තමන් කියවලා ඉවර උන පොතක් තව කෙනෙකුට කියවන්න දෙන එක ඉලීගල් ද?
2. අපි කියවන්න ඕනේ අපි සල්ලි දීලා ගත්ත පොත් විතරම ද?
3. ඒක එහෙම නම් පුස්තකාලවල පොත් ආරක්ෂා කරන්වා මිසක් කියවන්න දෙන්න බැහැ නේද?
4. එතකොට second hand book sales කියලා චැරටි වලට සල්ලි හොයාගන්න කියවලා ඉවර කරපු පොත් විකුනන්නත් බැහැ නේද?

හොඳයි එහෙනම් ඇයි මේ කචල් ඔක්කොම ebooks වලට විතරක්?

ප්‍රින්ටඩ්  පොත්වල අච්චු ගහලා තියෙනවා අනවසරයෙන් මුද්‍රණය හා උපුටා ගැනීම තහනම් කියලා. එතකොට මෙතන තියන ප්‍රශ්නය ebooks පහසුවෙන් කොපි කරන්න පුලුවන්කම මිසක් වෙන එකක් නෙවෙයි මට හිතෙන්නෙ.

මේක සිංහලෙන් ම කියනවනම් "අතීසාරෙට අමුඩ ගහනවා වගේ" වැඩක් නේද?  

ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස හයවන දින පූජිත විසින් සටහන් කරන වගයි..

Friday, 13 April 2012

අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු..



අද සිංහල අළුත් අවුරුදු දවස...


ඒත් ඉතිං මෙහේ කොහෙද අපිට අලුත් අවුරුදු නිවාඩු. හිතට නම් දුකයි අවුරුදු වලට ලංකාවේ නැති එකට. මොනවා උනත් ලංකාවේ අළුත් අවුරුදු කාලේ මතක් වෙනකොට ඇඟ හිරි වැටෙනවා වගේ.


ඉස්සර අපි පොඩි කාලේ අවුරුදු කාලෙට කරපු සෙල්ලම්, පංච, රතිඤා, බඹර චක්‍ර, අහස් කූරු, අවුරුදු කෑම: කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, උඳුවැල්.. මට නම් තාම අද වගේ මතකයි. මම ඒවගෙන් වැඩියෙන් ම කැමති අපේ අම්මා හදන උඳු වැල් වලටයි කිරි ටොෆි වලටයි.


නොනගතේ වෙලාවේ අපි ශ්‍රී මහා බෝධියට යනවා වඳින්න. එන ගමන් ජෝශප් එක ලඟ තියන ගණදෙවි කෝවිලට යනවා. අපේ අම්මා වැඩ අතහැරියාම අපිට ගේ ඇතුලේ තියන දේවල් දොරෙන් එලියට ගෙනියන්නත් තහනම්. ඕන දේවල තියනවනම් නොනගතේට කලින් එලියට දාලා තියාගන්න ඕනේ. හැම සැරේම මට වරදින්නේ නැති දෙයක් තමයි රතිඤයි ඒවා පත්තු කරන්න ගිනි පෙට්ටියකුයි.


අවුරුදු නැකතට කියන දිශාව බලාගෙන "Happy New year, සුභ නව වසරක් වේවා" කියලා ලියලා, පොතක් කියවලා අපි වැඩ අල්ලනකොට තාත්තා කිරිබත් කට කට අපි හැමෝටම කවනවා. ඊට පස්සේ බුලත් දීලා වැඩිහිටි අයට වඳිනකොට අපේ පවුලේ බාලයා විච්ච මල්ලීට විහිළු කරනවා ගෙදර ඉන්න පපීට ඇවිල්ලා  මල්ලිට වඳින්න කියන්න කියලා. අම්මටයි තාත්තාටයි දෙන බුලත් අත ආපහු හම්බ වෙනකොට ඒකත් එක්ක සැලකිය යුතු මුදලක් ගණු(දෙණු නැත.) වෙන එකත් වරදින්නේ නෑ.


ඒ විතරක් ද අවුරුදු කෑම පිඟන් අරන් අහල පහල ගෙවල් වලට යන එක... ඉස්සර අපි ඒකට පොර කනවා මොකද අපිට ඒ ගෙවල් වලින් හිස් අතින් එලියට එන්න වෙන්නේ නැහැ නේ.


පස්සෙ කාලෙක යාළුවෝ එක්ක අවුරුදු චාරිකා කියලා ගෙයින් ගෙට යන්නත්, ඔය අතරේ ඒ කාලේ හිටපු (අති) විශේෂ අය බලන්න යන්නත් වරදින්නේ ම නැහැ.


හිස තෙල් ගාන නැකතට හිසට සහ පයට ඖෂධ කොල තියලා තාත්තා තමයි හැම අවුරුද්දෙ ම අපේ හිස තෙල් ගාන්නේ, මට මතක විදිහට සබ්බී තියෝ විවජ්ජන්තූ - සබ්බ රෝගෝ විනස්සතූ - මාතේ භවත්තන්තරයෝ - සුඛීදීඝායුකෝ භව ගාථාව කියලා.


ඒ අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු...


සිංහල සිරිත් විරිත් අපේ පැටවුන්ට මෙහේ ඉඳන් කියලා දෙන්නේ කොහොමද කියලා හිතන කොටනම් බයත් හිතෙනවා.


පිටරටක ජීවත් වෙනකොට තමයි ලංකාවේ තියන හොඳ දේවල් මතක් වෙන්නේ...




ක්‍රි.ව. 2012 ක් වූ අප්‍රේල් මස දහතුන් වන දින පූජිත විසින් ආවර්ජනය කර සටහන් කරන වගයි...